ගං වතුර නායයාම් සුළි සුලං හා නියඟය වැනි ස්වභාවික ආපදා අවස්ථාවලදී සහන සේවා සැපයීම සඳහා ක්ෂණිකව සමෘද්ධි නිලධාරීන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සමාජ සවි බලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ආපදා කළමණාකරන අමාත්‍යාංශය අතර ඊයේ (15දා) බත්තරමුල්ල සෙත්සිරිපායේදී පැවත්වා තිබේ.
එම සාකච්ඡාවේදී සමෘද්ධි නිළධාරීන්ට මේ පිළිබඳ මූලික පුහුණුවක් ලබා දීමටද තීරණය වී තිබේ. ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් හරහා මෙම පුහුණුව ලබාදීමට නියමිත අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති පුහුණු ආයතන වලදී මෙම ආපදා කළමනාකරණ විශේෂඥ පුහුණුව ලබා දීමටද නියමිතය.