හදිසි ආපදා තත්ත්වයන් ඇතිවූ විට ජනතාවට රැඳීසිටීමට දිවයිනපුරා ආපදා මධ්‍යස්ථාන පිහිටුවන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.
ආපදා තත්ත්වයකට පෙර එය දැනුම්දුන්නද ඇතැම්විට ජනතාව ඉවත් නොවන තත්ත්වයක් දක්නට ඇති බවත්, ඉවත් වුවද ආරක්ෂිත ස්ථාන පිළිබඳ දැනුවත් නොවීමත් තුළ සිදුවන හානි වැඩිවන බව හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ආරක්ෂිත ස්ථාන පිහිටුවීම මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී ජනතාව ඉතා ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුකරවීමේ නීතියක් සකස්කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ආපදා තත්ත්වයකදී ආරක්ෂිත ස්ථාන ලෙස බොහෝවිට විහාරස්ථාන සහ පාසල් යොදාගන්නා අතර, එයට අමතරව තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීමට තීරණය කර ඇති බවද අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.