ආපදා තත්ත්වයකදී ප්‍රයෝජනයට ගැනීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදී තිබුණු බෝට්ටු විකුණා දමා ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ පැවසූහ.
සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
ගංවතුර හේතුවෙන් බද්දේගම ආසනයේ පූර්ණ නිවාස හානි 33ක් සහ අර්ධ හානි 96ක් සිදුව ඇති නමුත් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදී ඇත්තේ තාවකාලික කූඩාරම් (ටෙන්ට්) තුනක් පමණක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ කුරුවිට ප්‍රදේශයේ ජලයෙන් යටවී සිටි ජනතාව බේරාගැනීමටතමන් බෝට්ටුවක් ඉල්ලූවිට එය ලබාදී තිබුණේ දින එකහමාරකට පසුව බවයි.
එය ලබාගැනීමට නාවික හමුදාපති ඇතුළු බොහෝ පිරිසකට කතා කිරීමට සිදුවූ බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.