ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ ආපදාවන් යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් හැකි ඉක්මනින් අධාර ලබාදෙන්නන්ගේ සමුළුවක් (Donor conference) කැඳවීමට කැබිනට් අනුමැතිය හිමව තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ලක්ෂ 06කටඅධික පිරිසක් ආපදාවට ලක්වූ අතර 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
නිවාස සහ ගොඩනැගිලි රැසකට පූර්ණ හානි සහ අර්ධ හානි සිදුවූ අතර පීඩාවට පත් ජනජීවිත යථාතත්ත්වයට පත්කිරීම සඳහා දෙස්විදෙස් සහනාධාර ලැබිණි.
එසේ වුවද එම ප්‍රදේශ යළි සංවර්ධනය කිරීමට හා කඩාවැටුණු ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් එම ප්‍රදේශ සඳහා සැලසුම්සහගත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීමටත්, ඒවෙනුවෙන් ආධාර ලබාදෙන්නන්ගේ සමුළුවක් කැඳවීමටත් ඊයේ (06දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ශ්‍රීලංකාවේ ආපදාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා හැකි ඉක්මනින් ආධාර ලබාදෙන්නන්ගේ සමුළුවක් කැඳවීමට නියමිතය.