ආපදා තත්ත්වයට ලක්ව ඇති සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවරණය වන පරිදි ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව ආපදා තත්ත්වය පිළිබඳ දෛනික වාර්තා එම කමිටු මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට නියමිත බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව පිහිටුවනු ලබන මෙම හදිසි ආපදා කළමනාකරණ කමිටු ආපදාවට පත් පුද්ගලයන්ගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත්වන තුරු ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකළේය.
ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවලට අවශ්‍ය සහන සැලසීම සඳහා සහාය වන්නැයි ආපදාවට පත් නොවූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති අතර,ඒ අනුව එම දිස්ත්‍රික්කවලින් එක්රැස් කරන ද්‍රව්‍යමය ආධාර ඉදිරි දින කිහිපයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහැරීමට නියමිත බවදඅදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.