පවතින වියළි කාලගුණතත්ත්වය හා දැඩි සුළං හා නායයාම් තත්වය නිසා දිස්ත්‍රික්ක 15ක පවුල් 245,783කට අයත් පුද්ගලයන් 905,668ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ප්‍රමණයෙන් පවුල් 50කට අධික ප්‍රමාණයක පුද්ගලයන් 194කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින්නේ මහනුවර,හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවලට ඇතිවූ දැඩි සුළං හේතුවෙනි.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍ර‘දේශයේ ඇතිවී තිබෙන නායයාම් තත්ත්වයක් නිසා පවුල් 15කට අයත් පුද්ගලයන් 46 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව පදිංචි කරවූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
තවද දිස්ත්‍රික්ක 12කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 245,283කට අයත් පුද්ගලයන් 905,200කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.
වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 48,124කට අයත් පුද්ගලයන් 207,991ක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.