ආපදා කළමනාකරණයේ තතු ජනපති විමසයි
පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වයෙන් සිදුවූ හානි කළමනාකරණයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ විශේෂ රැස්වීමක් අද (13දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මකවන සහන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ.
මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද, ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද එක්ව සිටියහ.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                