ආනයනික සහල් තොග ප්ලාස්ටික් සහල් බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙසේ ගෙන ගිය ප්‍රචාර සැලකිල්ලට ගෙන දිවයින පුරා අලෙවි කිරීමට තිබූ සහල් තොගවලින් ලබාගත් සහල් සාම්පල් කාර්මික තාක්ෂණ ආයනනයේ පරීක්ෂා කිරීමකට ලක්කළ බවද පවසා සිටියේය.
එහිදී කිසිදු සහල් සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නොවන බවට තහවුරු වී තිබෙන බවත්, මේ නිසා ආනයනික සහල් පරිභෝජනය කිරීමට බිය නොවන ලෙසද මෙහිදී ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.