ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා මෙලෙස බදු ඉවත් කරන අතර ඒ අනුව ට්‍රැක්ටර්, වතුර පොම්ප හා අනෙකුත් කෘෂි කර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ අනුව මිල ගණන් පහළ යනු ඇති බව ද ජනාධිපති සිරිසේන මහතා පැවසී්‍ය.
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද(06) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වූ අවස්ථාවේ දී උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එමෙන්ම ආහාර නිෂ්පාද සංග්‍රාමයට සමගාමීව ගොවින්ට රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකුවලින් ලබා දිය හැකි සහන පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් පවසා සිටි ජනාධිපතිවරයා එළඹෙන 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බව ද සඳහන් කළේය.