යල කන්නයේ දේශීය අර්තාපල් අස්වනු ජනවාරි මස සිට වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින් අර්තාපල් නිෂ්පාදනයේ නිරතවන දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීම පිණිස ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද හෙට (07දා) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රු.10/- ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.25/- ලෙස සංශෝධනය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.