තම අනන්‍යතාවට පලඳින කෙටේරිය (කෙටියම් පොරව) ගුවන් ගමන්වලදී හා අධිකරණයේදි පැලඳීමට අවසර නොදීමෙන් ආදිවාසී ජානතාවගේ මානව හිමිකම් කඩවී තිබෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැඇත්තෝ පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීමේ අවස්ථාවට අද (24දා) සහභාගීවෙමින් ඔහු මේ බව පවැසීය.
"මං පොඩි කාලේ තිබුණේ ප්‍රධාන පක්ෂ දෙකයි. ඒ අය ගම රට ගැන සොයලා ජනතා ප්‍රශ්න විසඳුවා .ඇණකොටා ගත්තේ නැහැ. හැබැයි දැන් පක්ෂ විශාල ප්‍රමාණයක් හැදිලා. පක්ෂ ඇතුළෙත් කණ්ඩායම් හැදිලා තියෙනවා . මේ බෙදීම හා විරසකය තුළ ඡන්දදායකයාට සිදුවන්නේ අසාධාරණයක්.
ගල්රැක්ක (කෙටියම් පොරව ) අපේ අනන්‍යතාව දක්වන අපේ සංස්කෘතික ආභරණයක්. හැඳුම්පතේ ඡායාරූපයේ පවා තිබෙන්නේ ගල්රැක්ක පැලඳූ ඡායාරූපයක්. එහෙත් උසාවි වලට යන විටත් ගුවන් ගමන් යන විටත් එය පැලඳ යාමට ඉඩ දෙන්නේ නැහැ. මෙය ආදිවාසී මානව හිමිකමක් සහ පාරම්පරික සංස්කෘතික අයිතියක් උදුරා ගැනීමක්. මේ නිසා එම තහනම ඉවත් කළ යුතුයි. පාරම්පරිකව ආදිවාසීන්ට නිදහසේ වනය තුළ සැරිසරිමින් ආදිවාසී සංස්කෘතිය අනුව ජීවත්වීමට තිබූ නිදහස නීති මගින් අහුරා දැමීම තුළ ආදීවාසි ජනතාව දැඩි පීඩනයට පත්ව තිබෙනවා.
දඩයම, පලවැල ඇහිදීම, ඖෂධ එකතු කිරීම, මීපැණි එකතු කිරීම වැනි ආදිවාසී ජීවන රටාව අහිමි කිරීමත් සමගම රැහේ අය කුසගිනි නිවා ගැනීම සඳහා යදින්නන් බවට පත්වෙමින් තිබෙනවා . මේ තත්ත්වයෙන් ආදිවාසීන් මුදා ගැනීමට පාරම්පරික ආදිවාසී උරුමයන් ලබාදිය යුතුයි.
රාජ්‍ය නිලධාරීන් හා ගම්වැසියන් අතර තිබෙන සුහදතාව ඉතාම අඩුයි. බෙහොමයක් නිලධාරීන් ගමට ආවට ජනතාවට සවන්දී සානුකම්පිකව ප්‍රශ්න විසඳීමට යොමුවන්නේ නැහැ. නිලය උදුම්මාගත් නිලධාරින් අපේ ප්‍රශ්න තේරුම් ගන්නේ නැහැ" යැයි ඔහු සඳහන් කළේය.