ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳව වහාම සොයා බලා හෙට (12දා) දිනයේම තමාට වාර්තාවක් ලබාදෙන ලෙස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කළේය.
අද දිනයේ දඹාන ආදිවාසීන්ගේ ප්‍රධානියා හමුවීමෙන් පසු අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය ආණ්ඩුවආදිවාසීන්ගෙන් ඖෂධ පැළෑටි ලබාගැනීම නතරකර තිබූ අතර, එය යළිත් වහාම ආරම්භ කිරීමටද අමාත්‍යවරයා අද කටයුතු කළේය.