තමන්වහන්සේ අපවත් වූ පසු විශාල මුදලක් වැයකොට උත්සව නොපවත්වන ලෙසත් දවසින් භූමිදාන කරන ලෙස අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ සිය අපවත්වීමට පෙරාතුව පවසා තිබේ.
සෝභිත හිමියන් පෙනී සිටින කලකට ඉහත දී පටිගත කරන ලද වීඩියෝවක මේ බව උන්වහසේ පවසා තිබෙන අතර එය මේ වන වි සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යමින් තිබේ.
සිය දේහය අක්ෂිදාන සංගමයට භාර දෙන ලෙසත් ලක්ෂ ගණන් වියදම් කර උත්සවය නොපවත්වන ලෙසත් උන්වහනසේ එම වීඩියෝවෙන් සඳහන් කර තිබේ.
"මා වෙනුවෙන් උත්සව පවත්වනවාටත් මම කැමති නෑ. මා වෙනුවෙන් කාගෙන්වත් මුකුත් ඉල්ලනවටත් කැමති නෑ. මම කැමති නෑ මට ආදාහන උත්සවයක් කරනවටත්. මම අක්ෂිදාන සංගමයේ ප්‍රධාන අනුශාසක ඒ නිසා එතනට බාර දෙන්න ඒ අය අවශ්‍ය කරන ඇස් කන් නාස ගන්න පුළුවන් ඒවා අරගෙන ඉතුරු හරිය වලලා දාන්න. ආදාහන උත්සවයක් කරන්නත් එපා. ඒ වගේම ළමයි ටික අව්වේ තියන්නත් එපා. පෙරහරේ ගෙනියන්නත් එපා. රුපියල් ලක්ෂ ගණන් වියදම් කරන්නත් එපා. ලාභම පෙට්ටියක් අරගන්න. එක දවසකින් වැඩේ ඉවරකරලා දාන්න. ගමට කරදයක් කරන්න එපා.
හාමුදුරු කෙනෙක් අපවත් වුණාම, වැලි කොමිටිය, පොලී කොමිටිය, සැරසිලි කොමිටිය, දාන කොමිටිය, කියලා ලක්ෂ ගාණක් හාමුදුරු කෙනෙක් වෙනුවෙන් වියදම් කරනවා. මට ඒකෙන් ඇති වැඩක් නෑ. මම හරිම ප්‍රියකරන නායක හාමුදුරු කෙනෙක් තමයි රේණුකාලේ නායක හාමුදුරුවෝ. රේණුකානේ හාමුදුරුවන්ගේ ආදාහනයෙන් ඒ හාමුදුරුවන්ට අඩුවක් වුණාද? නායක හාමුදුරුවේ කිව්වේ මම කුණුගොඩක් මැරුණ ගමන් වහාම ඉවත්කරන්න කියලා. මේ මන් නිදාගත්ත ලෑල්ල උඩ තියාගෙන ගිහින් සොහොන උඩින් තියන්න එච්චරයි. මගේ ආදාහනය. ඒවගේ කරන්න ඕන. සතයක්වත් තේරුමක් නැතිව නාස්ති කරන්න හොඳ නෑ. මම උත්සවවලට විරුද්ධයි"
VIDEO