විවාහයේදී දෑවදි ක්‍රමය තහනම් කරන ලෙසත්, මෙරට තරුණයන්ගේ රැකියා අහිමි කරන එස්තා ගිවිසුම අත්සන් නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සමාජවාදී තරුණ සංගමය විසින් 'එන්න ආදරයේ පාට සොයන්න’ යන තේමාව යටතේ අද (14දා) මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ වැඩසටහනකදීය.
" අපේ රටේ තරුණ තරුණියන් මුහුණදෙන අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න අතරට, අතරට තියෙන ප්රශ්නය තමයි ආදරය කියන එක. මුදල් නොමැතිව කරන්න බැරි විවාහය කියන එක. අතිවිශාල මුදලක් වැය කරලා කරන්න වෙච්ච දෙයක් බවට පත්වෙලා තියෙනවා. අපි 21 සියවස ගැන කතා කරාට අපේ රටේ විශාල වශයෙන් පවතින දෑවැදි ලබාගන්න ක්‍රියාවලිය නිසා විශාල පීඩනයකට අපේ රටේ තරුණ තරුණියන් මුහුණදීලා තියෙනවා. මේ ආදරවන්තයන්ගෙ දිනයේදි අපි අණ්ඩුවෙන් ඉල්ලන්නෙ දෑවැද්ද තහනම් කරන්න කියලා. මේක ලැජ්ජසහගත දෙයක්. දෑවැදි ක්‍රමය තහනම් කරන්න" යැයි පැවසීය.