එළඹෙන මැයි මාසයට යෙදෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව "ආදරණීය ශ්‍රී ලංකා" යන මැයෙන් දේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම වැඩසටහන "දකිමු විදිමු සහ රකිමු" යන තේමාව යටතේ මෙම වැඩසටහන් පැවැත් වේ.
එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක් සහිත එහෙත් මේ වන විටත් සංචාරක අවධානය යොමු නොවූ ස්ථාන, සංස්කෘතික උරුමයන් ,ප්‍රදේශයට ආවේණික ආහාර වර්ග යනාදීය පිළිබඳ සංචාරක වැඩසටහන් වාර්තා මාලාවක් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සකස් කර සංචාරක ප්‍රවර්ධනය කිරීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
සංචාරක ව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ප්රතිලාභ හිමි කර දීම සඳහා දේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ අරමුණවේ.