වගකීම් දැරියහැකි, ක්‍රියාශීලී, ආත්ම විශ්වාසයෙන් යුත්, රටට ආදරය කරන අනාගත පරපුරක් බිහිකිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ජාතික ශිෂ්‍යභට වැඩසටහන වැනි පාඨමාලාවවල වැදගත්කම පාසල් දරුවන් මෙන්ම මවුපියන්ගේ අවධානයට තවදුරටත් ලක්විය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (19දා) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී එක්වෙමිනි.
දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි "හර්මන්ලූස්" ශූරතා කුසලානය මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද, දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි "ද සොයිසා" ශූරතා කුසලානයකුරුණෑගල මලියදේව බාලිකා විද්යාලයවිසින්ද දිනාගන්නා ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅමාත්යවරයා,
“සාරධර්මවලින් යුතු විනයගරුක, අභියෝගවලට මුහුණදිය හැකි තරුණ පරපුරක් ගොඩනැගීමට ජාතික ශිෂ්‍යභට බළකායෙන් ඉතිහාසය පුරා ලැබුණේ සුවිශේෂී දායකත්වයක්.අතීතයේ ශිෂ්‍යභටයන් ලෙස පාසල් සමයේ කටයුතු කළ අය අද වනවිට රට වෙනුවෙන් වැදගත් කාර්යයන් ඉටුකරන පුරවැසියන් බවට පත්ව තිබෙන බව අපි සියලුදෙනාම දන්නා කරුණක්.
විභාග පමණක් ඉලක්ක කරගත් මානසිකත්වයන් සහිත දරුවන් වෙනුවට, විෂය බාහිර කුසලතා කෙරෙහි උනන්දුවක් ඇති දරුවන් බිහිකළ යුතුයි. එය අද රටේ කාලීන අවශ්‍යතාවක්. විභාගවලට පමණක් සීමානොවූ දරුවන්ට රටට වැදගත් වැඩ කොටසක් ඉටුකරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. වාර්ෂිකව අපේ රටේ එක්ලක්ෂ විසිපන්දාහක් පමණ සිසු දරුවන් පිරිසක් ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණුව ලැබීම රටට වැදගත් ආයෝජනයක් ලෙස මම සලකනවා යැයි පැවසීය