ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර බැවින් මැතිවරණයේ වාසි ලබාගැනීමට අසත්‍ය කරුණු ගොතමින් සිටින බවත්, ආණ්ඩුව තමාට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය ඒවා බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
එතෙර ජීවත් වූ වසර 32 තුළ නීත්‍යනුකූලව උපයන ලද විදේශ විනිමය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ ගිණුම්වල (NRFC) තැන්පත් කළ බවත්, එම විදේශ විනිමය ආයෝජනය කර දේපොළ මිලදී ගත් බවත් පවසන වීරතුංග මහතා තමා අයුතු ලෙස උපයාගත් දේපොළ ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇති බව ප්‍රකාශ කරයි.
යහපාලනය ආණ්ඩුවේ වසර තුනකට ආසන්න කාලයේදී තමාගේ සියලු ගිණුම් පරික්ෂා ගිණුම් අක්‍රීය කළ බවත්, තමා විසින් නීත්‍යනුකූලව මිලදී ගෙන ඇති දෑ වත්කම් බැරකම් ප්‍රකාශය මගින් වාර්ෂිකව රජයට ඉදිරිපත් කර ඇති අතර එම දේපොළ විකිණීම හෝ පැවරීම අත්හිටුවීම හුදෙක් දේශපාලන පළිගැනීමක් බවත්, 2006 වර්ෂයේ සිට වත්කම් බැරකම් ප්‍රකාශය මගින් රජයට ඉදිරිපත් කර ඇති තමාගේ දේපොළ සැඟවීමට අවශ්‍ය නැති බවත් හෙතෙම පවසයි.