වර්තමාන ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය 1950 ගණන්වලවත් නොතිබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
සංහිඳියාව ඇති කිරීමේ වැඩපිළිවෙළක් රට තුළ සාර්ථකව සිදුවෙමින් තිබෙන බවත්, ගෙවුණු කාලය තුළ ජනාධිපතිතුමා 17 වතාවක් හා අගමැතිතුමා 12 වතාවත් යාපනයට ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල පවතින ආකාරයට නිදහසේ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පවත්වන බවත්, එය ආණ්ඩුවේ දුර්වලතාවයක් නිසා සිදු නොවන්නක් බවද හෙතෙම කියා සිටියේය.
රජය විසින් පත්කළ කොමිෂන් සභාවට අගමැතිතුමා කැඳවන බවත්, යම් ප්‍රශ්නයක් වූ පසු ඇමැතිවරුන් ඉල්ලා අස්වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව ප්රජාතන්ත්රවාදය ඇති කිරීමට ජනතාව ලකුණු සීයෙන් සීයම ලබාදිය යුතු බවත්, සංහිඳියාව නොමැති වුවහොත් යුද්ධයක් යළිත් වතාවත් ඇතිවිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.