ආණ්ඩුවට ලබාදුන් දින සියය අවසන් වී තිබෙන බැවින් ඉදිරි දින සියය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව පළවාහැරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතීර්ණ විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එම කාලසීමාව ඇතුළතදී සංවිධානය වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහි කරගැනීම අපහසු නොවන බවද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි. කළුතර පැවැති මහජන හමුවකදී මේ බව සඳහන් කළ ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
"මෛත්‍රීපාල, රනිල් එකඟත්වය අනුව බිහිවුණු ආණ්ඩුවට අපි දින 100 ක කාලයක් ලබාදුන්නා. දැන් ඒ දින 100 ඉවරයි. තවදුරටත් මේ යහපාලන ආණ්ඩුවට ඉදිරියට යන්න දෙන්න බෑ. දැන් අපේ දින 100 ආරම්භ වුණා. ඉදිරි දින 100 ඇතුළත රනිල්ගේ යහපාලන ආණ්ඩුව ගෙදර යවලා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් බලයට පත් කරගැනීමට අපි කටයුතු කරනවා" යනුවෙන් පවසා සිටියේය.