“මන්ත්‍රිවරු 113 ක් හිටියොත් ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. පක්ෂ දෙකක නායකයෝ දෙදෙනෙක් එකතුවෙලා හදපු ආණ්ඩුව දිග ගමනක් යන එක නවත්තන්න බෑ” යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ මස්කෙලිය මැතිවරණ කොට්ඨාශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයේදි පැවැති වැඩසටහනකින් අනතුරුවය.
“රවි කරුණානායක ඇමතිවරයාට චෝදනාවක් එල්ල කරාට තවම තීන්දුවක් දිලා නෑ. එතුමා නව සංස්කෘතියක් බිහි කරමින් එතුමගේම කැමැත්තෙන් පක්ෂය ගැන හිතලා ඉල්ලා අස්වුණා. එතුමට ඒ චෝදනාව එල්ලකලේ විපක්ෂය විසින්. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහතාට මෙවන් චෝදනාවක් විශ්වාසභංග යෝජනාවක් තියෙනවද කියලා මම දන්නේ නෑ. පත්තරවලින් තමයි මමත් දැනගත්තේ ඒ ගැන”
හැටන් - චන්දන ජයවීර