ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වුනා - මරික්කාර්
ආණ්ඩුවේ කොන්ද පණ නැති නිසා රට අරාජික වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආණ්ඩුව තීන්දු තීරණ ගැනීමේදී කල්මරමින් සිටි බවත්, මහනුවර ඇතුළු ප්‍ර‘දේශවල ඇති වී තිබෙන සිද්ධිවලට ආණ්ඩුව වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
''ජනාධිපතිතුමාත්, අමැතිතුමාත් ඍජුව තීන්දු තීරණ ගන්න ඕන. නැමෙන්න නැතිව ප්‍රශ්නවලට මුහුණ දුන්නා නම් මහනුවර ඇති වූ වගේ සිද්ධි ඇති වෙන්නෑ. අපි ජනතාවට පොරොන්දු ලබාදී ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ මේකට නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවලදී එම තීරණ කෙළින් ගන්න ඕන. අගමැතිකම බේර ගන්න එක හරි, වෙනත් කරුණු ගැන හිත හිතා හිටියොත් 2020න් පස්සේ අපට විරුද්ධව පක්ෂයේ තමයි ඉන්න වෙන්නේ. ඊට කලින් ජාතිවාදී සිද්ධි ඇති නොවන ආකාරයට, ජනතාවට සහන සැලසෙන ආකාරයට වැඩ කරන්න කියා ඇමතිතුමාටත්, ජනාධිපතිතුමාටත් මම කියනවා'' යනුවෙන් පවසා සිටියේය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                