පක්ෂ දෙක එකතුවෙන් සම්පූර්ණ කාලයම රට පාලනය කරන බවට පක්ෂ දෙකේ ලේකම්වරුන් සඳහන් කළද එය ඔවුන්ගේ පෞද්ගලික මතයන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
පක්ෂ දෙකේ දීගය වසර දෙකක් බවත්, එම කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන බවත් පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනවාද යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළයුතු බවද පවසා සිටියේය.
වසර දෙකකට සන්ධාන ගතවූයේ මධ්‍යම කාරක සභාවේ මතයට අනුව බවත්, මේ නිසා දිගටම පක්ෂ දෙක රට පාලනය කරන බවට පක්ෂ ලේකම්වරුන් සඳහන් කරන කාරණය වලංගු නොවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.