ආණ්ඩුව තුළ අර්බුදයක් පවතින බවට තමන් පෞද්ගලිකව පිළිගන්නා බවත්, ඒ අනුව අඩුපාඩු පවතින තැන් නිවැරදි කිරීම ජනාධිපතිවයාගේ යුතුකමක් බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේදී අද (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එක්ව අදාළ ගැටලු සඳහා විසඳුම් ලබාදෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.