ජනතාවට සහන ලබාදීමේ යෝජනා ඇතුළත් නව ආණ්ඩුවේ අයවැයට තම පක්ෂයේ සහාය ලබාදෙන බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෙසේ නමුදු, අයවැය සම්බන්ධයෙන් සාධනීය විවේචනයක් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාද තම පක්ෂයට උපදෙස් දී ඇති බවත් ඔහු කීය.
බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර තම පක්ෂය අගය කරන නමුත් අයවැය ඉලක්ක ළඟාකරගැනීම කොතරම් සාර්ථක වනවාද යන්න ප්රශ්නකාරී බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.