හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සමග ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා ලබන 28 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේදී පන්සලක පැවැත්වූ පෙරහරක වාහනයක් ලබාදී තිබෙන බවට චෝදනා කර ටී.බී. ඒකනායක මහතාට ලබන සඳුදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග සුපුරුදු පලිගැනීම ආරම්භ කර තිබෙන බවත්, මහ බැංකුව හොරා කෑ පුද්ගලයා නිදැල්ලේ සිටීමට ඉඩහැර පන්සලකට වාහනයක් දුන් පුද්ගලයාට එරෙහිව කටයුතු කරමින් සිටින බවද අද (24දා) පැවැති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කලේය.
මේ නිසා මන්ත්‍රීවරයාට සහයෝගය ලබා දීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ඉතිරි 15 දෙනාද එදිනට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන බවද ඔහු පවසා සිටියේය.