අද ආණ්ඩුවේ බොහෝ දේ සිදු වන්නේ ජනපතිතුමාට හොරෙන් යැයි ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (15දා) පැවසීය. මන්ත්‍රී වරයා ඒ බව පැවසුවේ යම් තානාපතිවරයෙකුගේ තානාපති මුක්තිය ජනාධිපතිවරයාට පමණක් ඉවත් කළ හැකි වුවද විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති මුක්තිය ඉවත් කර තිබෙන බව හෙලි කරමිනි.
මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
‘පිවිතුරු හෙළ උරුමයේ’ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා,
“අද ආණ්ඩුවේ බොහෝ දේ සිදු වන්නේ ජනපතිතුමාට හොරෙන්. එතුමා ඒවා දැන ගන්නේ මාධ්‍යවලින්. ලෝක ඉතිහාසය වෙනස් කරලා ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති මුක්තිය ඉවත් කරපු බවත් එතුමා නොදන්නවා ඇති”යනුවෙන් පවසා සිටියේය.