වත්මන් ආණ්ඩුවට රථ හා රට ගාය සෑදී තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය
“විදේශ සංචාර, ගෘහ භාණ්ඩ සහ වාහන මිලදී ගන්නත් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරලා. තව එක මාසයක් පරණ වාහනේ, පරණ මේසය පාවිච්චි කරන්න බැරි ඇයි කියන එක මේ ඇමතිවරු රටට කියන්න ඕනෑ. මේ පරිපූරක ඇස්තමේන්තුව හරහා රටට ලැබෙන පණිවුඩය තමයි මේ ආණ්ඩුවට සුව කළ නොහැකි රථ ගායක් සහ රට ගායක් තිබෙන බව.
මේ වසරේ තව මාසයයි ඉතිරි වෙලා තිබෙන්නේ. මිලදී ගැනීමේ ක්‍රියාවලියට මාසයකට වඩා යනවා. එසේ නම් තව මාසයක් ඉවසාගෙන ඉන්නේ නැතුව මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ ඇයි?” යනුවෙන්ද ඔහු විමසා සිටියේය.
ආණ්ඩුවේ විරෝධතා නොතකමින් උතුරේ හිටපු කොටි සාමාජිකයන් සැමරූ බවත්, එය නැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“ මියගිය ත්රස්තවාදීන් සැමරීමට අපි ඉඩ දෙන්නේ නෑකියලා පසුගිය දිනවල ආණ්ඩුවේ ඇමතිවරු සිංහ නාද කළා. නමුත් කොටි කිසිම පැකිළීමකින් තොරව ප්‍රසිද්ධියේ මහ විරු දිනය සැමරීමට කටයුතු කළා. එතකොට අර සිංහ නාද කරපු ඇමතිවරුන් සිටියේ ඇඳන් යටද කියලා අපි ප්‍රශ්න කරනවා.
එහෙමත් නැති නම් අවාසියා දෘෂ්ටියාබාධා හැදිලා මේවා දැක්කේ නැද්ද කියලා අපි අහනවා. මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් දකුණේදී බුරා පනින, උතුරේදී හා පැටියෙකු වන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.