ජනපති, අගමැති ප්රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නෑ
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ පා. ම. ප්‍රසන්න රණතුංග
ජනාධිපති, අගමැති ප්රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවුඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කටඅධිකඡන්දවලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්‍රී -රනිල් යුවළ දැන් ඉල්ලා අස් විය යුතු බවත්,යහපාලන ආණ්ඩුවේ අවසන් හුස්ම පොදත් මේ පළාත් පාලන මැතිවරණයෙන් පසු වාතලයට මුසු වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයන් සමග ඊයේ (12දා) මිනුවන්ගොඩ නගරයේ පැවැති හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා,
ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරපු සුවිශේෂී මැතිවරණ ප්‍රතිඵලයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්රකාශයටපත්වුණා. අපි ප්‍රථමයෙන්ම මේ රටේ දේශප්‍රේමී ජනතාවට මෙවැනි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ස්තිතුවන්ත වෙනවා.
මෙම ජයග්‍රහණය වඩාත් සුවිශේෂී එකක්වන්නේමේරටේප්රධානතමදේශපාලනපක්ෂදෙකමඑකආණ්ඩුවකසිටිමින්පූර්ණලෙසමආණ්ඩුබලයමැතිවරණයටයෙදවූ අවස්ථාවකඅලුතින් බිහි වූ පක්ෂයක්වශයෙන්මෙමඵෙතිහාසිකජයග්රහණයලබාගැනීමටහැකිවීමනිසයි.
මැතිවරණය ප්‍රකාශයට පත් වූ දාසිටමඅපටඑල්ලවූමර්දනයේහස්තයපරාජයකරමින්මහින්දරාජපක්ෂමහතාගේනායකත්වයෙන්යුක්තවඅපිරටපුරාගෙනගියඅතිසාර්ථකමැතිවරණව්යාපාරයටශක්තියදුන්පක්ෂ නායකයන් වගේම අපේ ජනතාවටත් මම ස්තුති කරන්න ඕනේ.
මේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රමුඛ යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් ලබා දී තිබෙනවා. ලක්ෂ පනහකට වැඩි ඡන්දදායකයන් පිරිසක් තමන්ගේ ඡන්දය පොහොට්ටුව ඉදිරියේ සටහන් කරලා මේ ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේදැන්වත්ගෙදරයමල්ලාකියනපණිවුඩයයි.
රටේ බහුතර ජනතා කැමැත්තක් නැති මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැන් රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හෝ තියෙනවා නම් මේ දෙන්නා දැන් තමන්ගේ ධුරවලින් ඉවත් වෙලා ජනමතයට ගරු කළ යුතුයි කියලා අපි කියනවා.
ජනාධිපතිවරයා රට පාලනය කළාට මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මේ මැතිවරණයෙන් පැහැදිලි වෙලා ඉවරයි. යුද්ධය නිමා කරලා රට සංවර්ධන කරා ගෙනගිය ජාතියේ නියමුවා වශයෙන් මහින්ද මැතිතුමාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බවට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ.
මේ මැතිවරණයේදී පොහොට්ටුවට කතිරය ගහපු ඒ දේශ ප්‍රේමී මිනිසුන් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස්ප ක්ෂයට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි රට පාවා දෙන ඕනෑම කෙනෙකු ගෙදර යැවීමට ජනතාව සූදානම් කියන අනතුරු ඇඟවීම ජනතාව එම පක්ෂ දෙකට දීලා තියෙනවා.
ජාතික සම්පත් විකුණමින්, රණවිරුවන් පාවාදෙමින්, ජාතික ආර්ථිකය විනාශ කරමින් මේ යහපාලන ආණ්ඩුව යන ගමන පරාජය කිරීම සඳහා අපි ගෙනගිය අරගලය අද ජනතාව විසින් ජයග්‍රහණය කරවා තිබෙනවා. මේ අවුරුදු තුන තුළ අපි දරපු වෙහෙස මහන්සියේ ප්‍රතිඵල අද ලැබිලා තිබෙනවා.
දැන් ජනතාව අප වෙත බාර දී තිබෙනවගකීමඅපිඉතාමත්බැතිසිතින්ඉෂ්ටකරන්නසූදානම්. එදාමෙදාතුරලංකාවේආණ්ඩුකරපුප්රධානපක්ෂදෙකමප්රතික්ෂේපකරලාජනතාවපොහොට්ටුවටමේවගකීමපැවරුවේලොකුවිශ්වාසයකින්. ඒවිශ්වාසයසුරැකීමටඅපිදිවිහිමියෙන් කැප වෙනවා* යනුවෙන් පවසා සිටියේය.