රපියල් බිලියන 400ක විටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ආ මුදල් රෙගුලාසිය පරාජය වූ හෙයින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. එසේ නොවුණහොත් ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවද ඔහු කීවේය. අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.