මහින්ද රාජපක්ෂ මහතා පසෙකින් තබා අනෙක් සියලුම දෙනා එක්කරගත් ආණ්ඩුවක් අගෝස්තු 17 වැනිදායින් පසු බිහිවිය හැකි බැවින් එවැනි ආණ්ඩුවක් හැසිරවිය හැකි බලය ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන ලෙස එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකමහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනතාව තුළ අද දවසේදී කතාබහක් ඇති විය යුත්තේ 17 වැනිදායින් පසු බිහිවන ආණ්ඩුව ගැන නොව පත්වන ආණ්ඩුව තුළින් ජනතාවට අහිතකර දෑ සිදුකරනවා නම් ජනතාව මර්දනය කරනවා නම්, ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා නම් ඒ පිළිබඳව පෙනී සිටින කණ්ඩායම ගැන බව ඔහු පවසා සිටියේය