ආණ්ඩුව හදන්න කැපවුණු කලාකරුවෝ, සිවිල් සංවිධාන ආදිය අද ආණ්ඩුවට එරෙහිව නැගී සිටින බවත් විවේචනය ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා සඳහන් කළේය.
වැට් බදු ඉහළ දැමීමෙන් මුළු රටම පීඩාවට පත් වී ඇති අතර රට පුරාම ව්‍යාපාරික ප්‍රජාව වැට් බද්දට එරෙහිව කඩ වසමින් පාරට බැස උද්ඝෝෂණ පවත්වනවා යැයි හෙතෙම පැවසූයේ අද(05)පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු එහි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය. " මේ ආණ්ඩුව හදන්න කැපවුණු අලූත් පරපුර වැනි කලාකරුවෝ, සිවිල් සංවිධාන අද එයට එරෙහිව නැගී සිටිනවා, විවේචනය කරනවා. වැට් බදු ඉහළ දැමීමෙන් මුළු රටම පීඩාවට පත් වෙලා. අද රට පුරාම ව්‍යාපාරික ප්‍රජාව වැට් බද්දට එරෙහිව කඩ වහලා, පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මේ අතරේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ මේ දිනවල පැවැත්වෙන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කියනවා "ශ්‍රී ලංකාවේ යුද සමයේ පැවැති තත්වය සම්බන්ධයෙන් විදේශ විනිසුරන් සහිත යුද අපරාධ අධිකරණයක් පිහිටුවනවා. යුද අපරාධ අධිකරණය පිහිටුවීමට අදාළ ප්‍රතිපාදන ඒ රටේ ඉදිරියේදී ජනමතවිචාරණකින් සම්මත කරන නව ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා" කියලා.
මේ රට බෞද්ධ සංස්කෘතියක් ඇතුළේ ඉදිරියට ආපු රටක්. ඒ බව නොතකා හරිමින් නව ව්‍යවස්ථාවක් සම්මතකර ගන්න ආවොත් ඒකට විරුද්ධව පාරට බහින පළමු කණ්ඩායම මේ රටේ මහා සංඝරත්නයයි. මහා සංඝරත්නය හිරේ දමන එක මේ ආණ්ඩුව දැනටමත් ආරම්භ කරලා තිබෙනවා අලි පැටවකු ළඟ තබා ගත්තා කියලා උඩුවේ ධම්මාලෝක හිමියන්ව අත්අඩංගුවට ගත්තා. එවැනි විවිධ චෝදනා යටතේ මහා සංඝරත්නය හිරේ දැමීම මේ ආණ්ඩුව කර ගෙන යනවා.
මේ ආකාරයට රටට ජනතාවට එරෙහි ගමනක් යන්න යම් ආණ්ඩුවක් හදනවානම් ඒකට එදා පළමුවෙන්ම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. නමුත් අද ඒ දෙය සිදුවන්නේ නැහැ. අද සිදුවන්නේ කුමක්ද?
අද ජනතා විමුක්ති පෙරමුණ ක්ෂේත්රයේ ප්‍රවර්ධන නිලධාරියා බවට පත්වෙලා. දේශමාමක දේශපාලනඥයන් FCID විසින් අත්අඩංගුවට ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ එය සාධාරණීකරණය කරමින් ප්රචාරක කටයුතුවල නිරත වෙනවා."