සංඝා වහන්සේලා 48 නමක සහ රණවිරුවන් 09 දෙනෙකු සිරගත කළ වර්තමාන ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවන බවට නැවත නැවතත් ඔප්පු කර පෙන්වා තිබෙන බව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ලංකාව තුළ සුජාත නොවන හැම දෙයක් අවජාතක ලෙස සැලකෙන බව එම ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ අවධාරණය කළහ.
සුද්දාගෙන් පසු භික්ෂූන් වහන්සේලා වැඩිම පිරිසක් සිරගත කළ ආණ්ඩුව බවට මෛත්‍රී - රනිල් ආණ්ඩුව වාර්තාවක් තබා තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ. නාලක හිමියන් මේ බව පැවසුවේ අද (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.