ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව සටන් බලවේගයන් හා දේශපාලන ක්රියාකාරිකයන් දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතවී ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය චෝදනාකරයි.
පසුගියදා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වු උද්ගෝෂණයට ජලප්රහාර එල්ලකිරීමට අදාළ නඩු විභාගය හෙට(01දා) යෙදී ඇති අතර ඒසදහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු යව සංජීව බණ්ඩාර කැදවා තිබෙන බව දක්වමින් ඔවුන් මෙසේ චොදනාකරයි.
අදාළ නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට පැවැත්වීමට නියමිතය