රටේ ආර්ථිකයට දායක කරගත හැකි රාජ්‍ය සම්පත් විකුණා දමමින්, බදු ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව වලව්වක ඉපදුනු නාස්තිකාර පුතෙකු සේ කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා රටේ සම්පත් රැකගැනීම සඳහා ජනවාරි මාසයේ සිට මෙරට උද්ඝෝෂණවලින් රත් කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර මහතා සඳහන් කළේය.
ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ දේපොළ විකුණා දැමීම 1988 වසරේදී ආරම්භ කළ බවයි. එවකට ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණා දැමීමට සැලසුම් කරමින්, රාජ්‍ය දේපළ විකුණා දැමීම හරහා රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇතැයිකී බවද ඔහු සඳහන් කළේය.
එහෙත් එම සංකල්පයට ජනතා විරෝධය එල්ල වීම නිසා රාජ්‍ය ආයතන විකුණා දැමීම යන වචනය ඉවත් කර ජනතාකරණය නමින් රාජ්‍ය ආයතන විකුණා දැමීම සිදුවූ බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහෙත් ජනතාකරණයෙන් රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වූ බවත්, මේ නිසා වර්තමාන ආණ්ඩුව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය නමින් අලුත් සංකල්පයක් ඉදිරියට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් ජනතාකරණයත්, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායත් එකම විෂ සහිත ටොපියක් බවත්, මේ නිසා මෙමගින් රට ගලවාගැනීම සඳහා ජනතාව සමග පෙරමුණ ගන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.