‘ආණ්ඩුව රටට කුමක් කරනවාදැයි සිතා ගන්න බෑ’
පාර්ලිමේන්තුවට පනතක් සම්මත කර ගැනීමට වුවමනා විටදී එය පාර්ලිමේන්තුවට ගෙනවිත් කලබලයක් ඇති කර කථානායක විසින් පනත සම්මතයි කියා පවසන බවත්, පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩුවේ මෝඩ රැළ රටට කුමක් කරනවාදැයි අපට සිතා ගන්නට නොහැකි බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ජී.එල්.පීරිස් සහ දිලුම් අමුණුගම මහත්වරුන් ඊයේ (23දා) ගැටඹේ රාජෝපවනාරාමයේදී සිරිවිමල හිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ පවසා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"මේ අවස්ථාවේදී ජනමාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා.මොකද ජනමාධ්‍යට පුලුවන් රටක් ගොඩනගන්න. රජයක් පලවා හරින්න හරි තියාගන්න හරි පවතින රජයකින් රටට අහිතකර ප්‍රතිඵලයක් පැමිණෙන විට එය ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කළ යුතුයි. ඔවුන් දැනටත් මෙහෙවරක් සිදු කරනවා. අපි ජනාමාධ්යයෙන් ඉල්ලා සිටින්න ඕන මේ සම්බන්ධව මීට වඩා උනන්දුවෙන් මේ දේවල් වාර්තා කරන්න කියලා. සිදු කාලයක නොවුන තරමට භික්ෂූන් වහන්සේලාට රජයේ මැති ඇමැතිවරුන් අපහාස කරමින් සිටිනවා " යැයි ද පවසා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



