රජය මැදිහත් වී සහල් මිල පාලනය කිරීම නිසා සහල් මාෆියාව සුනුවිසුනු වී ගොස් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
සහල් ගබඩා කරගෙන වැඩි මිලට විකිණීමට සැලසුම් කළ සියලුම දෙනාට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට නොහැකිවූ බවද එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සහල් මාෆියාවක් ඇති කිරීමට කටයුතු කිරීම නිසා රටින් සහල් ගෙන්වා සතොස හරහා අඩු මුදලට සහල් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද පවසා සිටියේය.
මේ නිසා සාමාන්‍ය ජනතාවට රුපියල් 70කට රුපියල් 72 කට වැනි මුදලකට සහල් කිලෝවක් මිලදී ගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.