ආණ්ඩුව නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් පවතින බවත්, ඒවා වසා නොදැමුවහොත් නැව ගිලීයාම වැළැක්විය නොහැකි වන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්රී මේජර් අජිත් ප්රසන්න මහතා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉහළින්ම රුඳී සිටින ජනාධිපතිවරයාට පහළ නොපෙනෙන බවයි. පහළ ඇති ගැටලු ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කිරීමට තමන් උත්සාහ ගත්තද එයට මැති ඇමතිවරුන් ඉඩනොදෙන බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව ප්රකාශ කළේ දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ (14දා) ආරම්භ කළ උපවාසය අද (15දා) අතහැර දමමිනි. ඒ අවස්ථාවේ හිටපු මන්ත්රීවරයා කියා සිටියේ රජයේ වගකිවයුතු කිසිවෙකු මෙවැනි උපවාස ගැන සොයා නොබලන බැවින් එලෙස උපවාස කරමින් සාධාරණය ඉල්ලා සිටීමෙන් ප්රයෝජනයක් නොමැති බවයි.
ජිනේෂ් නානයක්කාර/රවිඳු දීයගහගේ/සිරංගිකා ලොකුකරවිට