වත්මන් ආණ්ඩුව ගතවූ වසර තුන තුළදී රුපියල් බිලියන 3000 ණය වී ඇති බවත් ඒ අනුව ආසන්න ලෙස දිනකට රුපියල් බිලියන තුන බැගින් ආණ්ඩුව ණය ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
සිය ට්විටර් ගිණුමට මන්ත්රීවරයා කළ ප්රකාශයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 9ක කාලයක් තුළ ලබාගත් සම්පූර්ණ ණය ප්රමාණය රුපියල් බිලියන 5200ක් බවයි. එම මුදල් යුද්ධයට හා සංවර්ධනයට වෙන් කළ නමුත් වත්මන් ආණ්ඩුව ලබාගත් මුදලින් සංවර්ධනයක් හෝ සිදු නොවුණ බව මන්ත්රීවරයා සඳහන් කරයි.
වත්මන් ජනපතිවරයා මේ සඳහා ඉඩ දුන්නත් එම ගැටලුව විසදීමට කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු පැවැසීය.