වතමන් ආණ්ඩුව බලයට පත් වූ පසුව තුන්වැනිවරටත් ව්‍යවස්ථා සභාව තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතා අද(09දා)පැවසීය.
එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අධිකරණසේවා කොමිසමට පත්කිරීම් සිදුකිරීමේ සූදානමක් ඇති බවයි.
මේ සතියේ සිකුරාදා එම පත්කිරීම සිදුකිරීම සඳහා ලිපි සකසා ඇතැයිද ඔහු කීය.