වත්මන් ආණ්ඩුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මෙතරම් බිය ඇයිදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්රසන්න රණතුංග මහතා ප්රශ්න කරයි.
එසේම හිටපු ජනපතිවරයාගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුව බාරගතයුතුයැයිද ඔහු පැවසීය.
"මහින්දගේ නම කිව්වාම ආණ්ඩුව වේවලනවා.යහපාලනය මුවාවෙන් රටපුරාම වෛරය වපුරන්නේ ඒ බය නිසයි.ආණ්ඩුවේ මේ පළිගැනීම් නිසා මහින්ද මහත්තයාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිද්ධ වුණොත් එහි වගකීම මේ යහපාලන ආණ්ඩුව බාරගතයුතුයි.
මහින්දවත් මහින්ද එක්ක ඉන්න අපිවත්මේ වගේ ඔලමොට්ටල බොළඳ වැඩවලින් බය කරන්න බැහැ. ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා.මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට හොඳටම බයයි. ඒකයි අපිට කෙනෙහිලිකම් කරන්නේ" යැයි පවසා සිටියේය.