සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකරන ලෙසට දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් සභාව රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, උතුරු පළාත් සභාවට ඉඩම් බලතල අවශ්‍ය බවට පසුගියදා උතුරු මහඇමති වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විමසීමේදීය.
එහිදී අදහස් දැක්වූ සී.වී.කේ. සිවඥානම් මහතා,"මෙම යෝජනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන විට සලකා බැලීම සඳහාද දෙමළ ජාතික සන්ධානය විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා.
ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකරන ලෙස ඉල්ලා සිටින නමුත් ආණ්ඩුකාරවරයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය හෝ උතුරු පළාත් සභාව විරුද්ධත්වයක් නැහැ" යැයි පවසා සිටියේය.