නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදක කමිටු මගින් සම්පාදනය කරන ලද වාර්තා හත පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විවාදය ලබන වසරේ (2017) ජනවාරි මස 09,10 සහ 11 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයන්විසින් තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කළ අතර, මේඅනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු විවාදය ලෙස එය පැවැත්වීමට නියමිය.
ජනපති පදවි ප්‍රාප්තිය යෙදෙන ජනවාරි 09 වැනිදා මෙය ආරම්භ කිරීමට තීරණය වී ඇති අතර, මෙදින ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීවීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ හතක් පිළිබඳ යෝජනා ඇතුළත් අනු කමිටු වාර්තා හතක් මේවනවිට ඉදිරිපත්වී ඇති අතර,එම වාර්තා තුළ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුකෙරේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතක් මේවනතෙක් සකස්කර නොමැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් අනුව ඒසඳහා සුදුසු යෝජනා ලබාගැනීම සිදුකිරීමට නියමිතය.
මූලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර සබඳතා යන ක්ෂේත්‍ර පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුකාරක සභා හයක් පත් කරන ලදඅතර, එම අනු කාරක සභා වාර්තා මෙහෙයුම් කමිටුවේ සැලකිල්ලට භාජනය කිරීමට ප්‍රථම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස මේවනවිට ඉදිරිපත්තිබේ.