පළාත් පාලන මැතිවරණයේදී ප්රතිපාදන වෙන් කිරීමට ආණ්ඩු බලය තිබෙන අයට ජන්දය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ලංකා නිදහස් පක්ෂය පැවසුවද ආණ්ඩු බලය ඇත්තේ මොන පක්ෂයටද යන්න ජනතාවට ගැටලුවක් වී ඇති බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේය.
ලාල්කාන්ත මහතා ඒ බව පැවසූයේ අඹගමුව ප්රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ (30දා) ගිනිගත්හේන කළුගල ප්රදේශයේ පැවැති රැස්වීමකදීය.
මෙහිදී අදහස් දැක් වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූයේ අද රටේ ඇත්තේ හවුල් ආණ්ඩුවක් බවත්, එය තමන්ගේ ආණ්ඩුවක් බව ප්රකාශ කිරීමට රටේ ජනාධිපතිවරයාට හෝ අග්රාමාත්යවරයාට නොහැකි බවත්ය.
කොට්ඨාස ජන්ද ක්රමයේදී තේරී පත්වන මන්ත්රීවරයාට පළාතේ සංවර්ධනය වෙනුවෙන් සෘජුවම එම ප්රතිපාදන ඔහු වෙත ලැබෙන බවත්, ලාල්කාන්ත මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ති්රක් සංවිධායක මංජුල සූරියආරච්චි මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගිව සිටියහ.