පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම සඳහා ඊයේ (05දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීම පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් හිතාමතාම පටලවා ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව අද (06දා) උදෑසන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට චෝදනා කර ඇති අතර, මෙහි සේවය කරන ඇතැම් පිරිසක් හිතාමතාම මෙම ක්‍රියාවලිය පටලවා ඇති බව ‘අද’ට වාර්තාවේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හරහා මෙවැනි දෙයක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නියෝග පවා ක්‍රියාත්මක නොකරන මෙම සේවකයන් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දැක්වීමට නියමිත බවද වාර්තාවේ.