සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ රුස්වීම අද(08දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේදී පවත්වා තිබේ. ආණ්ඩුපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් සියලු දෙනාට අද උදෑසන 9.30ට එයට පැමිණීම අනිවාර්ය කර තිබුණි.
එළඹෙන බ්‍රහස්පතින්දා (10දා) සහ සිකුරාදා (11දා) දිනවල පාර්ලිමේන්තුවේ ආරම්භක වේලාව පෙ.ව 10.30 ලෙස වෙනස්කර ඇති අතර, මෑත ඉතිහාසයේ මෙවැනි වේලාවක පාර්ලිමේන්තුව ආරම්භකරන පළමු අවස්ථාව මෙය වේ.
සම්ප්‍රදායානුකූලව පාර්ලිමේන්තුව උදයවරුවේ අරම්භකරන ලද්දේ උදෑසන 9.30 ට වන අතර, සවස්වරුවේ නම් එය ප.ව 1.00 පමණ විය. කෙසේවෙතත් මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම පියවර ගත්බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසීය.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(08දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතය.
මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇතැයි වාර්තා වේ.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයිද සඳහන් වෙයි.
මේ අතර මේ වනවිට යළිත් වරක් බදු සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද ආරංචිමාර්ග තහවුරු කරයි.