ආණමඩුව ප්‍රතිඵලය කෝ
නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ පළාත් පාලන ආයතන අතරින් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵල මැතිවරණ කොමසන් සභාව හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව නිකුත් කළේය.
කෙසේ වෙතත් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය නිකුත් කළ බවට මැතිවරණ කොමිෂන් සභාව හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළත් කිසිඳු මාධ්‍ය ආයතනයක් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය පළ කර නොමැත.
මෙවර පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් ඡන්ද විමසීම පැවැතියේය. පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්විය.
මැතිවරණ මහලේකම් කාර්යාලය මෙම මැතිවරණයේදී ඡන්දය කොට්ඨාස මට්ටමින් ප්‍රකාශයට පත්කිරීමට පමණක් බැඳී තිබුණත් අනෙකුත් පළාත් පාලන ආයතන ප්‍රතිඵල නිකුත් කළ හෙයින් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලයද මාධ්‍ය ආයතන බලාපොරොත්තුවෙන් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


