ආචාර්ය රංගට ඉවත්වෙන්න ජනපති ඉඩ නොදෙයි
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් උත්සාහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26දා) ප්‍රතික්ෂේප කර තිබේ.
කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී තමන් ඉල්ලා අස්වන බව ආචාර්ය කලංසූරිය මහතා ජනාධිපතිවරයාට පවසා ඇති අතර එහිදී ජනපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්වීම බාරගෙන නොමැත.
මාධ්‍ය හරහා විවිධ දේ සිදුවුවත් ඒවා ගණන් නොගෙන කටයුතු කරන ලෙස ජනපතිවරයා රංග කලංසූරිය මහතාට පවසා තිබේ. ආචාර්ය රංග කලංසූරිය මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු කියා සිටියේ කැබිනට් රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසුව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයේ දිගටම රැඳී සිටීමට තීරණය කළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

