ආචාර්ය උපාධියක් නොමැතිව ඉගැන්වීම් කටයුතුවල යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට රජය තීරණය කළ බවත්, ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් රැසක පිළිගත් විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බවත් විශ්වවිද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා %අද^ ට පැවසීය.
එහි පළමුවැන්න ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේදී ජර්මනියේ හයිඩ්ල්බර්ග් (Heidelberg) විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යයනාංශයක් ස්ථාපිත කිරීමටද සාකච්ඡා කර ඇති අතර, ජර්මානු අධ්‍යයන හුවමාරු සේවාව (DAAD) සමග තවත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
බොහෝ රටවල විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට ආචාර්ය උපාධි තිබුණද මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේන් ආචාර්ය උපාධි තිබෙන්නේ 30෴ ක පමණ පිරිසකට පමණක් බවද පෙන්වාදුන් කිරිඇල්ල අමාත්‍යවරයා එයට විසඳුමක් ලෙස මෙම ක්‍රියාවලිය සිදුකරන බව පැවසීය.