රාජසන්තක කරන ලද වැලි හා දැවතවදුරටත් ආගමික සිද්ධස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සඳහා නොමිලේ සහ සහන මිලට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
2013-11-29වැනිදා සිට 2014-12-31වැනිදා දක්වා කාලය තුළ ආගමික සිද්ධස්ථාන 146 ක් සඳහා වැලි කියුබ් 1,008ක්ද, ආගමික සිද්ධස්ථාන 16 ක් සඳහා දැව කියුබික් අඩි 1,043ක්ද නිකුත් කර තිබේ.
එම සහන කාලය දීර්ඝ කරන ලෙස ආගමික සිද්ධස්ථානවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, රජයේ පාසල්, රෝහල් සහ ත්‍රිවිධ හමුදාව වැනි රජයේ ආයතනද සිය ඉදිකිරීම් සඳහා රාජසන්තක කරන ලද වැලි හා දැව ලබාගැනීම පිණිස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එහිදී අවධානයට ලක්කර තිබේ.