කොළඹ ආගමික ස්ථානයක් ආශ්‍රිතව දරුවෙකු සමග සිඟමනේ යෙදෙමින් සිටි කාන්තාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගන්නා ලදී. ඒ ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුවය.
33 හැවිරිදි තමන් පිටිසර පෙදෙසකින් රැකියාවක් වෙනුවෙන් කොළඹ පැමිණ ඇති අතර, එහිදී යම් පුද්ගලයෙකු හා ඇති වුණු සම්බන්ධයකින් අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකු සිටින බවත්, මේ වනවිට එම පුද්ගලයා තමා හැරගොස් ඇති නිසා තමා සිඟමනට වැටුණු බවත් ඇය ප්‍රකාශ කරයි.
මේ වනවිට ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරන අතර, ඇය දරුවාගේ සැබෑ මව බව හෙළි වුවහොත් ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය අදාළ සහයෝගය ලබාදීමට නියමිතය.
ළමයින් සිඟමනේ නොයොදා තමන්ගේ දෙමවුපියන් හා ජීවත් කරවීම වෙනුවෙන් සුදුසු යාන්ත්‍රණයක් ඇති කරවීම පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.
එසේම මෙවැනි සිදුවීම් වෙතොත් 1929න් දැනුම් දීම් සිදුකරන ලෙසද දන්වා සිටියි.